ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය පසුගියදා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ,"කම්කරුවන්ගෙ දරුවන්, ගොවියන්ගෙ දරුවන්, රජයේ සේවකයින්ගේ දරුවන්, වෛද්‍යවරු හෝ රටේ උසස් තනතුරු දරන අයගේ දරුවන් ලෙස අපේ රටේ තිබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ කිසි කෙනෙකුට විශේෂ වරප්‍රසාද ලබාදීලා නැහැ. ඔවුන් හැමෝටම එක සමාන අවස්ථාවන් ලබාදී තිබෙනවා. නමුත් වර්තමානයේ මෙලෙස ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිස් වැඩි පහසුකම් බලාපොරොත්තුවෙන් විදේශ රටවලට සේවය කරන්න යනවා. එහෙම කරන්න එපා කියල අපට බලකරන්න බැහැ. නමුත් ඹවුන්ට යුතුකමක් තියෙනවා තමන් උපන් රටට කිසියම් සේවයක් කරන්න".
"අද දින ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී ආයතනයේ ඩිප්ලෝමාධාරීන් ලෙස තම ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ තරුණ පිරිසට මම ආරාධනා කරනවා අපේ රටේ සංවර්ධනයට දායක වෙන්න කියලා. ඒක ඔබලාගේ යුතුකමක් වගේම වගකීමක්. වරලත් ගණකාධිකාරීවරුන් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබාදීමට ඔබට හැකියාව තිබෙනවා."
"මෙම ආයතනය විසින් ගණකාධීකාරීවරුන් විශාල පිරිසක් අපේ රටේ විවිධ අංශ වෙත බිහිකර තිබීම ප්‍රශංසනීය කටයුත්තක්. ලංකාවේ උසස් අධ්‍යාපනයේ නිරත තරුණ තරුණයින් අතර වරලත් ගණකාධිකරණය ප්‍රචලිත කිරීම තුළින් මේ ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථා වැඩි කර ඒ සඳහා එම තරුණ කොටස් යොමුකරන්න හැකියාව ලැබෙනවා " යැයිද පැවසීය.
මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරීවරුන්ගේ ආයතනයේ (CA) සභාපති ලසන්ත වික්‍රමසිංහ, ලංකා වෝල්ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.