දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීම සඳහා සුදුසුකම් ලැබු දරු දැරියන් ඇතුළු 2500 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්වන බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවකදි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය මොරපේ කුසලඥාන හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.