නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් හිමිකම් ඔප්පු ප‍්‍රදානයට අදාළ කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා

    සැප්තැම්බර් 09, 2017

    රජයේ ඉඩමක බොහෝ කාලයක් පදිංචි වී සිටියත්, ඉඩම් භුක්තිය වින්දත් සමහර අවස්ථා වලදී ඉඩමේ හිමිකම පෙන්වීමට ඇති බාධක - කොන්දේසි ලිහිල් කර සින්නක්කර අයිතිය ලබා දෙන අදාල හිමිකම් ඔප්පු ඉක්මණින් ලබා දීමට කටයුතු කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම්තුමන්ලා සමගින් සාකච්ඡුා කර රජයේ ඉඩම් වල පදිංචි අය සදහා හිමිකම් ඔප්පු ලබා දීමේ ඉක්මන් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද අමත්යවරයා කීය.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පලකළේ ගාල්ල, නාගොඩ, තලාව, ගම්මැද්දේගොඩ ප‍්‍රදේශයේ පැවති ගැමි හමුවකදීය.

    ගාල්ල, නාගොඩ, උඩුවැලිවිටිතලාව, ගම්මැද්දේගොඩ එක්සත් අවමංගල්‍යාධාර සංගමයේ ඉල්ලීම පරිදි තම ප‍්‍රතිපාදන යටතේ එම සංගමයට ප්ලාස්ටික් පුටු 68ක් භාරදීම ද මෙහිදී සිදු කෙරුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya