නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මැහුම් හා අත්කම් ත්‍යාග ප්‍රදානෝත්සවය අද

    සැප්තැම්බර් 08, 2017

    කොළඹ දිස්ත්‍රික් මැහුම් හා අත්කම් පුහුණු වැඩසටහනට අදාළ ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (08) මාර්ග, ප්‍රවාහන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ග්‍රාමීය කාන්තාවන්ගේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මාර්ග, ප්‍රවාහන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක කාන්තාවන්ගේ මැහුම් සහ අත්කම් නිර්මාණ ඉදිරිපත් විය.

    කාන්තාවන් සඳහා මැහුම් හා අත්කම් පුහුණු පාඨමාලා පැවැත්වීම මගින් ඔවුන්ට ස්වයං රැකියාවල නිරතවීමට අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දෙමින් ජාතික ආදායම් උත්පාදනයට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම වැඩසටහන් මාලාව මාර්ග, ප්‍රවාහන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි  අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලදී.

    මෙම ප්‍රදර්ශනයෙන් තෝරාගත් මැහුම් හා අත්කම් නිර්මාණ 15ක ජයග්‍රාහිකාවන්ට මුදලින් ත්‍යාග පිරිනැමීමද, තවත් 10 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමීම ද මෙම අවස්ථාවේදී සිදු විය.

    උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ග්‍රාමීය මට්ටමින් සිදු කරන්නා වූ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් මෙන්ම පළාත් පාලන සහ පළාත් සභා සඳහා කාන්තා නියෝජනය 25%ක ප්‍රතිශතයක් දක්වා ගෙන ඒමටද නව රජය විසින් මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya