ඉදිරි දිනවලදි දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් ඇතිවීමේ හැකියාවක් පවතින අතර එසේ වුවහොත් ලබන 12දින දක්වා මෙම වැසි තත්ත්වය පවතිනු ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද (07) වන දින ප.ව.1.30ට පමණ නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන අතර එමනිසා මහජනතාව ද මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.