ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදා කරමින් ඉදි කරන ලද මෙම කර්මාන්ත ශාලාව ලංකා විදුලිබල මණ්ඩලයට පූර්ණ අනියුක්ත ශ්‍රී ලංකා එනජීස් ආයතනය මගින් ඉදිකර ඇත.
මෙම කර්මාන්ත ශාලාව සතුව ඇති අති නවීන යන්ත්‍රෝපකරණ පැයකට මනු ආවරණ 100ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවකින් ද යුක්තය. අති නවීන යාන්ත්‍රික උපකරණවලින් සමන්විත මෙම නව කර්මාන්ත ශාලාව මගින් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලුමට අවශ්‍යය වන පරිදි මනු ආවරණ සැකසීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේවෙල, යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.