නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 06, 2017

    දිවයින පුරා රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමේ දී නවීන ස්වයංක්‍රීය යන්ත්‍ර ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    තව ද ප්‍රධාන රෝහල් වලට අවශ්‍ය MRI සහ CT SCANNER යන්ත්‍ර පිළිබද සංගණනයක් සිදු කිරීමට නියමිත අතර, එම යන්ත්‍ර 2018 වසරේ දී රෝහල්වලට සැපයීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාව වෙයි.
    ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.


    පිළිකා රෝගී සත්කාරක සේවා සදහා අවශ්‍ය Linear accelerator යන්ත්‍ර අඩු මුදලකට ආනයනය කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. මෙම සංගමයේ වාර්ෂික සැසිවාරය සදහා ද සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් මුල්‍යාධාර ලබාදීමට නියම්තය. මෙහිදී පිළිකා ඖෂධ වර්ග ආනයනය කිරීම පිළිබදව ද සාකච්ඡා කෙරුනි.


    එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවයා ප්‍රතාශ කළේ අවශ්‍ය ඖෂධ ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි. පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදුවන බව වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දෙන ලදි. පිළිකා ඖෂධ සදහා ආදේශක හදුන්වාදීම, ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් සහ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති දමන්ති පීරිස් මහත්මිය ඇතුලු සාමාජිකයින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya