ශී‍්‍ර ලංකාව ඇතුළු තවත් රටවල් 15 ක නියෝජිතයින් එම සමුළුවට සහභාගී වී සිටින අතර, මෙහිදී විශේෂයෙන් අවදානයට ලක් කරන කාරණා කිහිපයකි.
ජාත්‍යන්තර දේශපාලනය, රාජ්‍ය ආරක්‍ෂාව, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හා ලෝකයේ ආරක්‍ෂාව, තාක්‍ෂණය, මිත‍්‍රත්වය සහ සංවර්ධනය යන කාරණා ඒ අතර ප‍්‍රධාන වෙයි.
සමුළුවේ දෙවන දිනයට (05)සහභාගී වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ දකුණු කොරියානු රජය මේ වන විට දැඩි කාර්ය බහුලත්වයකට පත්ව සිටින බවයි.
උතුරු කොරියානු න්‍යෂ්ඨික වැඩපිළිවෙල හමුවේ ඇති වී තිබෙන අනාරක්‍ෂිතබව මීට හේතුවයි. දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා අද දිනියේදී සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නියෝජිතයින් සමග සාකච්ඡුාවකට සහභාගී වීමට නියමිතව තිබුණද හදිසියේම ඔහුගේ පැමිණීම අවලංගු කර තිබෙනවා. ඒ උතුරු කොරියාවෙන් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡුාවක් කැදවා තිබීම හේතුවෙන්. ඒ අනුව අද පැවැති සාකච්ඡුා සඳහා සහභාගී වූයේ දකුණු කොරියානු විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් කිම් යොන් හයූම් මහතාය.
ඔහු විශේෂයෙන් ප‍්‍රකාශ කර සිටියේ උතුරු කොරියාවේ වැඩපිලිවෙල ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින බවයි. පසුගියදා උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද න්‍යස්ඨික බෝම්බයේ බර කිලෝ ග‍්‍රෑම් 50 ට වැඩි බවට තොරතුරු අනාවරණ වී ඇති බවද ඔහු කියා සිටියා. එමෙන්ම මෙම බෝම්බයේ බලපෑම කොතරම්ද යන්න පිළිබඳ සොයා බැලීම් සිදු කරමින් පවතින බවයි කිම් යොන් හයූම් මහතා කියා සිටියේ. ඇති වී තිබෙන තත්ත්වය තුළ පවතින අවදානම මැඩ පැවැත්වීමටනම් ලෝකයේම සහයෝගය අවශ්‍ය වී ඇති බවත් අමරිකාව ඒ වෙනුවෙන් පෙනී සිටියද රුසියාව හා චීනය සිටින්නේ කොතැන ද යන්න අපහැදිලි කාරණයක් බවත් ඔහු ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් උතුරු කොරියානු බලපෑම පාලනය කිරීම සඳහා රුසියාවේ හා චීනයේ පූර්ණ දායකත්වය අවශ්‍ය බවයි දකුණු කොරියානු විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් කිම් යොන් හයූම් මහතා පෙන්වා දෙයි.