වැඩබලන මහකොමසාරිස්වරයා කියා සිටියේ එම “නීල ආර්ථික” වැඩපිළිවෙළ නයිජීරියාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කරන බවය.
ඒ සඳහා මෙම වැඩපිළිවෙළ පිළිබඳව නයිජිරියානු ජනතාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරණ බව එරට වැඩබලන මහකොමසාරිස්වරයා පැවසීය.
“නීල ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ ව එරට ඉහල පෙලේ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ජා කරණ බවද නයිජිරියානු වැඩබලන මහකොමසාරිස්වරයා පැවසීය.
එහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ මෙම හමුව දෙරටටම ඉතා වැදගත් බවය. මෙම හමුවත් සමග ඇති කරගත් සුහදත්වය මත දෙරටේ දැනුම තාක්‍ෂණය හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසු රාජ්‍ය අමාත්‍යතුමා ඊට අමතරව එරටින් ශ්‍රී ලංකාවට ලබාගතහැකි ප්‍රතිලාභ කවරේද යන්න පිළිබඳව ද අවධානය යොමුකර කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.