අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ඩෙංගු වැසටහනක් ලබන 18 සහ 19 දෙදින

    මැයි 14, 2017

    ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා  මැයි මස 18 සහ 19 දෙදින කණ්ඩායම් 1800 ක් යොදවමින් දිස්ත්‍රික්ක 12 ක් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

    ඩෙංගු රෝගය පාලනය කිරීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය පරිදි විවිධ වැඩසටහන් දියත් කිරීමට පියවර ගෙන ඇත.

    මේ වර්ෂයේ මේ දක්වා මුළු දිවයිනෙන් රෝගීන් 43,000 ක් පමණ වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර, මඩකළපුව, රත්නපුර ත්‍රිකුණාමලය, කුරුණෑගල, මාතර යන ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව වාර්තා වේ.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකම කාර්යභාරය වන රෝගීන් නිසි ආකාරව රැකබලා ගැනීම සඳහා පසුගිය වසර කිහිපය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග තුළින් (රෝහල්වල අධිසත්කාර ඒකක පිහිටුවීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම, රසායනාගාර පහසුකම් වැඩි කිරිම) මගින් වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතිකය සැළකිය යුතු ලෙස අඩු කර ඇත. (2009-1%  සිට 2016 -0.2% දක්වා) තවද රෝගීන් පිළිබඳ ආවේක්ෂණය කිරීම හා මරණ පසුවිපරම් කිරීම මගින් රෝගය පිළිබඳ සත්කාරවල ගුණාත්මකභාවය වැඩිදියුණු කර ඇත. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට පරිබාහිර අනෙකුත් අංශ මගින් පරිසර කළමනාකරණය කිරීමට පරිශ්‍ර පරීක්ෂා කිරීම් සිදු කර ඇත.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය, අවදානම් දිස්ත්‍රීක්ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සිදු කරන අතර, 2017 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ පරිශ්‍ර 632,542 ක් පරීක්ෂා කර ඇත. ඉන් සියයට 21 ක මදුරුවන් බෝවිය හැකි සේ තබාගෙන ඇති බවට ද, සියයට 2 ක මදුරු කීටයින් හමු වී ඇත. 2017 වර්ෂයට පමණක් පාසල් 2973 ක් පරීක්ෂා කරන ලද අතර, ඉන් සියයට 48.2 මදුරුවන් බෝවිය හැකිවන සේ ද, සියයට 10 මදුරු කීටයින් ද සොයාගෙන ඇත.

    එමෙන්ම අධික නාගරීකරණය වීමත්, නිවැරදි කැළි කසල කළමනාකරණයට ඇති බාධාවනුත් දැනට ඇති වෛරස දර්ශකය වෙනස්වීමත් ඩෙංගු රෝගය සංකීර්ණ කිරීමට හේතු වන බවත්, තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය සහ වමනය, සමෙහි රතු ලප හට ගැනිම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද ඩෙංගු රෝගයේ දී උණ බැසයාමත් සමඟ සංකූලතා (ඩෙංගු රක්තපාත උණ) ඇති විය හැකි නිසා ඒ පිළිබඳව මහජනතාව සැළකිල්මත්ව සිටිය යුතු බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya