මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද ආචාර්ය දීමනාව රුපියල් 10,000 කින් ඉහළට

    මැයි 14, 2017

    හෙද ආචාර්යවරුන්ගේ දීමනාව තිබෙන්නේ රුපියල් 10,000ක් වන අතර  එම දීමනාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බවත් වැටුප් ගැටලුව හෙද අධ්‍යාපනය දියුණු කිරීමට ප්‍රශ්නයක් වෙලා තිබුණු බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    දැනට හෙද විද්‍යාලවල ආචාර්යවරුන් 168 ක් පමණ සේවය කරන අතර ඉදිරි වසර 02 ක තුල හෙද සේවාව කිර්තිමත් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක ඊයේ (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී අදහස් දක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "හෙද දිනයේ දී ලබාදෙන ප්‍රතිඥා පිළිපැදීම තමයි වැදගත්. කිසිම හෙද හෙදියක් රාජකාරී වේලාවේ දී හෝ ඉන් පසුව වෙනත් තැනක සේවය කළ බවට චෝදනා එල්ල වී නැහැ. පෞද්ගලික රෝහල්වල සේවය කරමින් අසාධාරණ අයුරින් මුදල් හම්බ කළ බවට චෝදනා එල්ල වී නැහැ. දැනට පවතින හෙද හිඟය අවම කිරිම සදහා තවත් හෙද හෙදියන් 10,000 ක් වත් අවශ්‍යයයි. සේවක සංඛ්‍යාව වැඩි කළාට වැඩක් නැහැ. හෙද හෙදියන් බිහි කිරීම ප්‍රමාණවත් මදි.”

    "යහපාලන රජය පිහිටුවීමට ගත් ක්‍රියාමාර්ග සමහරුන්ට අමතකයි. නමුත් මට හොදට මතකයි. තක්සේරු කළ නොහැකි අයුරින් වෙනස් කම් සිදු කර තිඛෙනවා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. සමහරු අහනවා මොනවා ද කරන්නේ කියලා. යහපාලන රජය ස්ථාපිත කිරීමෙන් පසු සෑම ක්ෂේත්‍රයකටම විවිධ සහන ලැබුනා. සෞඛ්‍ය සේවකයින් සදහා වැඩිකළ අතිකාල දීමනා 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙනවා. ඊට අදාල චක්‍රලේඛය මුදල් අමාත්‍යවරයා අද නිකුත් කළා.”

    මෙහිදී හෙද හෙදියන් සඳහා සාමවිනිසුරු පදවි 15 ක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පිරිනැමීම මෙහිදී සිදු වූ අතර  විවිධ කුසලතා දැක්වූ හෙද හෙදියන්ට  සහතික පත්‍ර ද පිරිනැමීම ද සිදු විය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක, දුමින්ද දිසානායක, යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.බී.එල් රහුමාන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ඇතුළු හෙද හෙදියන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya