දැනට ක්‍රියාත්මක වන වෙසක් උත්සවයට සමගාමීව යුද්ධ හමුදා රෝහලේ පැවති මෙම වැඩසටහන සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ව්‍යාපෘති කළමණාකාර පුජ්‍ය ආචාර්ය කරවෙටයාන ගුණරතන ස්වාමින් වහන්සේ ඇතුලු සිංගප්පුරු ජාතික පරිත්‍යාගශීලින් 20 දෙනෙකු සහභාගි වු අතර, එහිදි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා වෙත සංකේතාත්මකව එම උපකරණ ප්‍රදානය කිරීම සිදුවිය.
මෙහිදි උත්සව සභාව ඇමතු පුජ්‍ය ආචාර්ය කරවෙටයාන ගුණරතන ස්වාමින් වහන්සේ විසින් මෙම සුහද සංකේතාත්මක ප්‍රදානය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය.
විදුලි ඇඳන් 20 ක්, රෝදපුටු 20 ක්, සේලයින් රඳවන 15 ක්, අත්වාරු 5ක්, රැගෙනයා හැකි චූෂණ යන්ත්‍ර 5 ක්, මෙම පරිත්‍යාග සඳහා ඇතුලත් වුහ.
යුද්ධ හමුදා සෞඛය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ.පි. සුමනපාල ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SL Army