සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංඟාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ආලෝක පූජාවට නවික හමුදාව එක්වෙයි

    මැයි 13, 2017

    හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සියලු ආගමික කටයුතු ඊයේ දින (12) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී තිබු අතර වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ආලෝක පූජාව සිදු විය. එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා විනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය ද සහභාගී විය.

    එහිදී, ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපතිතුමන් සහ එම මහත්මිය විස්න ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගැනීම සිදු විය. ඉන් අනතුරුව නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ, පංච තූර්ය වාදනය හමුවේ නාවික හමුදාධිපතිතුමන් විසින් ගංඟාරම විහාරස්ථානයේ සිට සීමා මාලක පරිශ්‍රය දක්වා පෙරහැරක් මගින් සධාතුක කරඩුව වැඩම කරවන ලදි. ඉන් පසුව, චීනයේ සෙන් ජින් නගරයේ, කොන්ෆා විහාරාධිපති, අතිපූජ්‍ය ඉන් ෂුන් නායක හිමිපාණන් සහ නාවික හමුදාධිපතිවරයා  අතින් වෙසක් කලාපය ශඩ් වර්ණයන්ගෙන් ආලෝකමත් කිරීමේ කර්තව්‍යය සිදු කෙරිණි.     

    හුණුපිටිය ගංගාරාමාධිපති අධිකරණ සංඝනායක අතිපූජ්‍ය ගලබොඩ සිරි ඤාණිස්‌සර නාහිමිපාණන් විසින් පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිට වූ අතර, ඉන් අනතුරුව උන්වහන්සේ විසින් විශේෂ දේශණයක් ද පැවැත්වීය. තවද, චීනයේ කොන්ෆා විහාරාධිපති, අතිපූජ්‍ය ඉන් ෂුන් නායක හිමිපාණන් විසින් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ විසිතුරු අසිරිය හා පූජනීයත්වය පිළිබඳව උන්වහන්සේගේ අදහස් ඉදිරිපත් කළහ.

    විවිධ රටවල් නියෝජනය කරමින් වැඩමවා සිටි ගරුතර මහා සංඝරත්ණය, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය, ගරු ජෝන් අමරතුංග මහතා, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ගරු. ඒඑච්එම් ෆවුසි මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, දේශීය මෙන්ම විදේශීය ප්‍රභූ පුද්ගලයන්, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික පුද්ගලයන් සහ බැතිමතුන් අති විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya