අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

    මැයි 13, 2017

    විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ප්‍රතිජීවක සදහා ඇති වී ඇති ප්‍රතිරෝධය පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ශ්‍රී ලංකාව ඇතුලු දියුණු වෙමින් පවතින රටවල් රැසකම ප්‍රතිජීවක භාවිත කිරීම පිළිබද අවධානම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. නව විද්‍යාත්මක සොයාගැනීම් ද සමග එයට හිමිව ඇත්තේ වැදගත් ස්ථානයක්.

     ප්‍රතිජීවක යනු අලුත් දෙයක් නොවෙයි. වසර දහස් ගණනක සිට ආසාදන සදහා ප්‍රතිකාර කිරීමේ දී ප්‍රතිජීවක භාවිත කළා. පැරණි ජනතාව විවිධ පස් සහ ශාක නිශ්සාරණයන් ආසාදන සදහා ප්‍රතිකාර කිරීමේ දී යොදා ගෙන තිඛෙනවා. උදාහරණයක් ලෙස ඊජිප්තු ප්‍රජාව අතීතයේ දී තුවාල සදහා ප්‍රතිකාර කිරිමට පස් යොදාගෙන තිඛෙනවා. දුටුගැමුණු රජතුමන් සිය බලඇණිවලට තුවාලයක් සිදුවුවහොත් ප්‍රතිකාර කිරීම සදහා දිර්ඝ කාලයක් දුමේ තබන ලද කැවුම් වල තලපයක් යොදා ගත්තා.”

    "මෙි වනවිට ප්‍රතිකාර සදහා සැළකිය යුතු ඉදිරි පියවර රැසක් ගෙන තිඛෙනවා. බැක්ටීරියා මගින් ආසාදනය වන නිවිමෝනියාව සහ අතීසාරය වැනි රෝග දෙවන ශත වර්ෂයේ දී මරණ රැසකට හේතු වුනා. ලොව ප්‍රථම ප්‍රතිජීවකය වන පෙනෙසිලීන්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් සොයා ගැනු ලැබුවේ අහම්ඛෙන්. මේ වනවිට විවිධ වර්ගයේ ප්‍රතිජීවක ඖෂධවල ප්‍රමාණාත්මක ඉහළයාම සහ ඒවායේ පුළුල් ව්‍යාප්තිය සමඟ නිසි අවබෝධයකින් තොරව ඖෂධ භාවිත කිරීමෙි තත්ත්වයක් මතුව තිඛෙනවා. ප්‍රතිජීවක වලට ඇති ප්‍රතිරෝධය වර්ධනය වීම හේතුවෙන් සංකීර්ණ තත්ත්වයක් ද මතුව තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය තහවුරු කර ඇති බව මම කියන්න කැමැතියි. ක්ෂය රෝගය, එචි.අයි.වී සහ මැලේරියා වැනි රෝග වලට එරෙහි ප්‍රතිකාර ලබාදීමෙි දී එය ගැටළුවක්.”

    "ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. බෝවන රෝග පාලනය කිරීමෙි දී එය ගැටළු සහගතයි. රෝහල් තුළ මෙන්ම සමාජය තුළ දී ද ප්‍රතිකාර විකල්ප නොමැතිවීම ඉහළයාම ඊට හේතුවයි. මරණවල ඉහළයාමට, සෞඛ්‍ය වියදම් වැඩිවීමට ද එය හේතු වී තිඛෙනවා. වර්තමානයේ සෞඛ්‍ය සදහා වැය කරන මුදලින් සියයට 13 කට ආසන්න මුදලක් වැය කරන්නේ ප්‍රතිජීවක ඖෂධ වෙනුවෙන්. එය අනර්ථකාරී වැය කිරීමක්. ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය ගෝලීය ගැටළුවක්. මෙය පිළිබද අවධානය යොමු කරමින් සාමාජික රටවල ප්‍රතිපත්ති වර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිඛෙනවා. ප්‍රතිජීවක ඖෂධ හැසිරවීම පිළිබද ජායිපූර් ප්‍රකාශනයට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේ ද ඒ අනුවයි. ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය වැළැක්වීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති පැනවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 - 2020 ක්‍රීයාකාරී සැළෑස්මෙි  දී වැඩි වටිනාකමක් ලබා දී තිබෙනවා. මෙම නිර්දේශයන් අනුව කටයුතු කිරීමට බහු අංශවල සහයෝගීතාව ලබාගනිමින් අවශ්‍ය කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන අවසන්. ආසාධන වැළැක්වීම, පාලනය වැනි කටයුතු වල දී සෞඛ්‍ය වෘත්තීකයින් මහජනතාව මෙන්ම අදාල සියළු පාර්ශ්ව වලට ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දිවයින පුරා ඔසුසැල් ලියාපදිංචි කිරීමේ දී සහ පාලනය කිරීමේ දී ද සුදුසුකම් ලත් ඖෂධවෙිදීන් යොමු කිරිම ඉතා වැදගත්.”

    මෙම අවස්ථාවට ග්‍රාමීය ආර්ථීක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අමිර් අලී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya