අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගනී

    මැයි 12, 2017

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් අදියර වූයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදා ගැනීමයි.

    අද (12) පස්වරු 4.00ට පමණ දළදා මාළිගාව වෙත පැමිණි මෝදි අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සමඟ මාළිගාව වෙත ගමන් ගත්තේ දැඩි වර්ෂාව මධ්‍යයේය. මාළිගාව දොරටුව අසලදී දියවඩන නිලමේ ප්‍ර‍දීප් නිලංග දෑල මහතා විසින් මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගෙන එහි උඩු මහළ වෙත කැඳවාගෙන යන ලදී.

    දළදා වහන්සේ තැම්පත් කොට තිබූ ස්ථානය වෙත පැමිණි නායකයින් දෙපොළට දියවඩන නිලමේවරයා සමන්මල් වට්ටි දෙකක් පිළිගැන්වීය. අනතුරුව ඔවුන් දෙපොළ තම දළදා සමිඳුන් වැඳපුදා ගත්තහ.

    දළඳා වහනසේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද යළි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

     

    daladamaligawa 2

     

    daladamaligawa 10

     

    daladamaligawa 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya