මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ගිලන්රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහය - ඉන්දීය අගමැති

    මැයි 12, 2017

    ඉන්දීය පරිත්‍යාග යටතේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව කෙරෙන 1990 හදිසි ගිලන් රථ සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා පැවසීය.

    ඉන්දීය රජයේ ආධාර මත හැටන්, දික්ඔය රෝහලේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උළලේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට කොළඹ සහ දකුණු පළාත්වල මෙම හදිසි ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කර තිබේ.

    මෙම උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව අගමැතිවරයා මහනුවර දළඳා මාළිගාවේ ආගමික වතාවත්වලට එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya