ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබීය.
මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.
මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, කතානායක කරූ ජයසූරිය මහතා,අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටිති.
ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක විශේෂ නියෝජිතයෝ රැසක් ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වී සිටිති. ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය 'සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්' යන්න තේමාව කරගනිමින් පැවැත්වේ.