අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීයව නිෂ්පාදනය කරන දන්ත පුටු සෞඛ්‍ය අමාත්‍යාංශයට

    මැයි 12, 2017

    යාපනය පලාලි පාරේ පදිංචි කුලේන්ද්‍ර රාජා මහතා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද දන්ත ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට උපදෙස් ලබා දී ඇත.

    Tissomed Technologies  නම් ආයතනයේ හිමිකරු වන කුලේන්ද්‍ර රාජා මහතා දේශීයව නිෂ්පාදනය කරන ලද දන්ත ශල්‍ය උපකරණය සහ දන්ත පුටු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූයේ යාපනය තෙලිප්පලෙයි පිළිකා රෝහලේ දීය.

    මෙම දන්ත පුටුව නිෂ්පාදනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 5.5 කි. සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ යුරෝපයෙන් ආනයනය කරන දන්ත පුටුවට සමාන අයුරින් මෙම දන්ත පුටුව නිෂ්පාදනය කර ඇති බවයි.

    විදේශීය රටකින් එක් දන්ත පුටුවක් ආනයනය කිරීම සදහා ලක්ෂ 25 කට අධික මුදලක් වැයවන අතර, දේශිය වශයෙන් මෙම දන්ත පුටු මිල දී ගැනීමේ දී එම මුදලට දන්ත පුටු 05 ක් මිල දී ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම කර්මාන්තය ගොඩනැගිය යුතු බවත්, දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා උපකාර කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya