අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැතිවරයා ගංගාරාම වෙසක් කලාපය විවෘත කරයි

    මැයි 11, 2017

    අද (11) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍ර‍ථම කාර්ය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමයි.

    එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සමඟ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන් හා ගංගාරාම විහාරස්ථ දායක සභාව විසින් පිළිගන්නා ලදී.

    අනතුරුව ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියෝ රැස්ව සිටි පිරිස පන්සිල්හි පිහිට වූහ.

    එහි පැවති ආගමික වතාවත්වලින් පසු මෝදි මහතා විසින් වෙසක් කලාපය විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවේ රතිඤ්ඤා සහ ගිනි කෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.

    කතානායක කරූ ජයසූරිය , අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya