අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ චිත්‍ර‍පට උළෙලක් හෙට සහ අනිද්දා

    මැයි 11, 2017

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මැයි මස 12 සහ 13 දිනවල මහනුවර ළමා පුස්තකාලයේදී තිබෙත් වෙන බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සඳහන් කරයි.

    එක්සත් ජාතීනගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ මහා සමුළුවේ සමාප්ති උළෙලට සමගාමීව ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව හා ජාත්‍යන්තර ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව සිනමා පදනම එක්ව සංවිධානය මෙය සංවිධානය කරනු ලැබේ.

    මෙම චිත්‍ර‍පට උළෙල මෙම  දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහනුවර ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, මෙහි සමාරම්භක දිනය වන මැයි මස 12 වන දින පෙ.ව.9.30ට මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර දිසාපති එච්.එම්.පී.හිටිසේකර මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රීක්කයේ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව අවධාරණය කරයි.

    බෞද්ධ උරුමයන් පිළිබඳ ලෝකයේ විශිෂ්ට බෞද්ධ චිත්‍රපටි 7ක් මෙම චිත්‍රපට උළෙල සඳහා තෝරාගෙන ඇති අතර, ඒ සඳහා ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, චීනය, කොරියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටි 7 ප්‍රදර්ශනය කරන අතර, ලෝක බෞද්ධ ප්‍රජාව පිළිබඳව හා ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව ශ්‍රී ලාංකීක ජනතාවට මෙම චිත්‍රපට තුළින් පුළුල් දැනුමක් හා අවබෝධයක් ලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව අවධාරණ කරයි.

    The Birth Land of the Buddha (ඉන්දියාව - නේපාලය), Borobudur (ඉන්දුනිසියා), Gandhara - Land of Peace (පාකිස්ථානය), Secrets Underground (චීනය), Sacred Rebirth (කොරියාව), The Cradle of Buddist Civilization (ශ්‍රී ලංකාව), Eternal Sacred City - Anuradhapuraya යන චිත්‍රපට ප්‍රදර්ශනය කරන බව ජාත්‍යන්තර බෞද්ධ උරුමයන් පිළිබඳව සිනමා පදනම ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya