සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කැබිනට් සංශෝධනයක් නැහැ” - සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි

    මැයි 10, 2017

    කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (09) පස්වරුවේ පැවැසීය.

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, ඒ පිළිබදව මාධ්‍ය වාර්තා පමණක් පළ වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැයි මස 29 වන දා සිට යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවශ්‍ය විසදුම් රජය ප්‍රකාශයට පත්කර ඇති බවයි. "සයිටම් ආයතනය සදහා ප්‍රමිතිය රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මෙි වනවිට සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවට එම සංගමය සදහන් කරනවා. ඔවුන්ගේ පරමාර්ථ වෙනස් වෙලා යැයි” සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය

    තවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයක් ස්ථාපිත කරන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සෑම පක්ෂයකම මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සිටීම හොද ලක්ෂණයක් බවයි. මේ පිළිබදව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙි දී අවධානය යොමු කළ බවත්, මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කළ අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා සමඟ දේශපාලන ගැටළුවක් පමණක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.  අමාත්‍යවරයා සමඟ පෞද්ගලික ගැටළුවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    හෙද හෙදියන් සදහා  උපාධියක් ලබාදීමට සුදානම් වන අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පළ කරන්නේ දැයි මාධ්‍යවෙිදීන් විමසා සිටියහ. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ හෙද හෙදියන්ට උපාධිය ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කළේ තමන් විසින් බවයි. එයට වෛද්‍යවරුන් විරුද්ධ වුවද, මේ වනවිට එය සමථයකට පත්ව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya