සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල්වල පොලිතීන් භාවිතයෙන් වැළකෙන්න

    මැයි 10, 2017

    දන්සැල්වල පොලිතීන් භාවිතයෙන් වැළකී දිරායන කෙසෙල් කොළ,කැන්ද කොළ වැනි ද්‍රව්‍ය ආහාර ලබාදීමට භවිතා කරන ලෙස ඩෙංගු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පවසයි.

    සැරසිළි කිරීමේ දී පොලිතීන්වලින් ඈත්ව සිදු කිරීම වැදගත් බව පවසන වෛද්‍යවරිය, යෝගට් කොප්ප, ප්ලාස්ටික් ද්‍රව්‍ය තැන තැන දැමීමෙන් ඩෙංගු අවධානම ඉහළ යෑමට බලපාන බව පැවසීය. එබැවින් අවට පරිසරය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගැනීම සැමගේ වගකීම බවද වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.

    වසර 2017 අප්‍රේල් මස වනවිට ඩෙංගු රෝගීන් 42,141ක් වාර්තා වී තිබෙන බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya