සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් සතියේ රටපුරා දන්සැල් - සෞඛ්‍ය අංශ අවධියෙන්

    මැයි 10, 2017

    වෙසක් දිනය සමරමින් රටපුරා සංචාරය කරන ජනතාව වෙනුවෙන් මෙවරත් අතිවිශාල දන්සැල් සංඛ්‍යාවක් රටපුරා ගම් හා නගර ආශ්‍රිතව පැවැත්වෙයි.සෞඛ්‍ය ආරාක්ෂිත දන්සැල් ක්‍රියාත්මක විය යුතු බවට මේ වනවිටත් අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ විසින් දන්සැල් සංවිධායකයන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබේ.

    විවිධ බීම වර්ග, බත්, රසකැවිළි හා නොයෙකුත් නූතන ආහාර  වර්ග ඇතුළත් කර මෙම දන්සැල් පැවැත්වෙයි. දන්සැල් පැවැත්වීමේ දී එම දන්සැල් සෞඛ්‍ය ආරාක්ෂිතව පවත්වාගැනීම අනිවාර්යෙන් ම සිදු කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහූ දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    කිසිදු වර්ණයක් නොයෙදූ බීම වර්ග සකස් කිරීම, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක කසළ බැහැරකීම්, ආහර පිළියෙල කරන්නන්ගේ සනීපාරක්ෂව, ආහාර විෂවීම ආදී කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතව දැනුවත් කර තිබේ.

    විශේෂයෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

    නිරන්තරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයින පුරා විසිරී සිටින සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ක්‍රියා කරන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya