සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගල සංචරණය වැඩිවීමක් -වෙසක් සතියේ සෞඛ්‍ය ආරක්ෂාවත් වැදගත්

    මැයි 10, 2017

    දන්සැල්වල පවතින සෞඛ්‍ය තත්ත්වය පමණක් නොව වෙසක් දිනවල පුද්ගල සංචරණය වැඩිවීමක් පවතින බැවින් ඒ හා බැදුණු සෞඛ්‍ය අවධානම පිළිබඳව ද ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    වෙසක් සතිය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් සම්බන්ධයෙන් සෞඛ්‍ය කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණින් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසී ය.

    දන්සැල් පැවැත්වීමේ දී ඒවා ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.එමෙන් ම දන්සැල් පැවැත්වීමේ දී පෞද්ගලික සනීපාරක්ෂාව ද සකසා ගත යුතු බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    හදිසි අනතුරු ඇතිවීම වළක්වා ගැනීම වැදගත් බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,විදුලියෙන් පරිස්සම්වීම,ජලයෙන් පරිස්සම් වීම මෙන්ම වෙනත් අනතුරුවලින් පරිස්සම්වීම අවධරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya