සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් සතිය නිමිත්තෙන් දිළිදු වැඩිහිටියන් 100 දෙනෙකුට පොලිසියෙන් උපස්ථාන

    මැයි 10, 2017

    වෙසක් සතිය නිමිත්තෙන් දිළිදු වැඩිහිටියන් 100 දෙනෙකු හට උපස්ථාන කිරීමේ වැඩසටහනක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී  පැවැත්විණ.

    මෙම වැඩසටහන නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් හා වෙළද ප්‍රජාව එක්ව සංවිධානය කර තිබූ අතර පොලිස්පතිතුමන් ඇතුළු වැඩසටහනට සහභාගි වූ පොලිස් නිලධාරීන් හා ප්‍රජාව එක්ව පළමුව වැඩිහිටියන් නහවා පිරිසිදු කර අලුත් ඇදුම් අන්දවා ඔවුන් වෙත සනීපාරක්ෂක ද්‍රව්‍ය පාර්සල් ලබාදීමද සිදු කරන ලදී.

    අනතුරුව නාරහේන්පිට පොලිස් රෝහලේ සහ ආසිරි රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් වැඩසටහනට සහභාගි වූ වැඩිහිටියන් සදහා වෛද්‍ය සායනයක් පැවැත්වීම සිදු කරන ලදී.

    මෙම වැඩසටහන සදහා කහටගස්දිගිලියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, නාරහේන්පිට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එච්.පී. ගයාන් ප්‍රසන්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගිවී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya