සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ විශේෂ රථවාහන සැලැස්ම

    මැයි 10, 2017

    2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගි වන ඉන්දියානු ජනරජයේ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

        2017.05.11 වන දින පස්වරු 06.00 ට ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

        *පස්වරු 06.15 සිට කටුනායක අධිවේගී මාර්ගය, පෑලියගොඩ, බේස් ලයින් මාර්ගයේ බොරැල්ල, ඩි.එස් විදුලි සංඥා හංදිය, ග්‍රීන් පාර්ත්, නෙළුම් පොකුණ, පුස්තකාල වටරවුම, අනන්ද කුමාරස්වාමි මාවත” මල්පාර, පිත්තල හංදිය, ජේම්ස් පිරිස් මාවත, ගංගාරාමය සීමාමාලකය දක්වා

     

        *පස්වරු 07.15 ට සීමාමාලකය සිට නවම් මාවත, උත්තරානන්ද මාවත, අලියා නාන වටරවුම, මොහොමඩ් මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම, ටාජ් සමුද්‍රා හෝටලය.

        *පස්වරු 08.20 ට ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ගාලු මුවදොර පාර, එන්.එස්.ඒ වටරවුම හරහා ජනාධිපති මන්දිරය

        *පස්වරු 10.30 ට ජනාධිපති මන්දිරයේ සිට එන්.එස්.ඒ වටරවුම හරහා ගාලු මුවදොර පාරෙන් ටාජ් සමුද්‍රා හෝටලය

        *2017.05.12 වන දින පෙරවරු 09.05 ට ටාජ් සමුද්‍රා හෝටලය, ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හංදිය, ලිබර්ටි හංදිය, පිත්තල හංදිය, රතුකුරුස හංදිය, පුස්තකාල වටරවුම, ග්ලාස්හවුස් හංදිය, නන්දා මෝටර්ස්, නිදහස් වටරවුම, නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත, බෞද්ධාලෝක මාවත මෙඩ්ලන්ඩ් පෙදෙස හංදිය, බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

        *පෙරවරු 10.50 ට බණ්ඩාරානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව” බෞද්ධාලෝක මාවත, ජාවත්ත හදියෙන් වමට හැරි, ජාවත්ත පාර, කැප්පෙටිපොළ හංදියෙන් දකුණට හැරි කැප්පෙටිපොළ මාවත ඔස්සේ පොලිස් කේෂත්‍ර බලකා මූලස්ථාන පිටියේ හෙළි පථය

        *ඉහත මාර්ග ඔස්සේ ඉන්දීය ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම ඉහත වේලාවන් වලදී  එම මාර්ගයන් සහ අතුරු මාර්ගයන් සම්පුර්ණයෙන් වසා දැමිමට කටයුතු කරන අතර එක් දිසාවකට හෝ වාහන ගමන් කිරිමට අවස්ථාව ලබා නොදේ.

        *2017.05.11 වන දින ඉන්දීය ගරු අග්‍රාමාත්‍යතුමා කටුනායක අධිවේගී මාර්ගයේ කැලණි පාලම පිවිසුමෙන් බේස්ලයින් පාරට පැමිණෙන තෙක් පස්වරු 05.45  සිට අධිවේගී මාර්ගයේ කටුනායක දෙස සිට කොළඹ ලෙසට මංතීරුව පමණක් වසා දැමේ.

        එම වේලාවන් හිදි පෑලියගොඩ දෙස සිට කටුනායක දෙසට ගමන් ගන්නා වාහන සඳහා සෑම පිවිසුමකින්ම ඇතුල් කර බාධාවකින් තොරව ගමන් කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya