සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උළෙලට සුරාසැල්, මස් මාංශ අලෙවිසැල් වැසේ

    මැයි 09, 2017

    වෙසක් පෝය දින යෙදී ඇති හෙට (10 සහ) අනිද්දා (11) දෙදින  නිමිත්තෙන් පසුගිය 07 වෙනි දින සිට 13වෙනි දින දක්වා වූ කාලසීමාව වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

    මෙවර වෙසක් උත්සවය “ධම්මචාරී සුඛං සේති” (“දැහැමි දිවිය සැපත සදයි”) යන තේමාව යටතේ පැවැත්වේ.


    වෙසක් පොහොය යෙදී ඇති මැයි මස 10 සහ 11 දෙදින දිවයින පුරා සියලුම සුරාසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් රජය පියවර ගෙන ඇත.

    ඉහත සඳහන් දින දෙකට අමතරව, ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන 2017 මැයි මස 09 වන කෑගල්ල දිස්ත්‍රික්කයේත්, එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන මැයි මස 12 වන දින කොළඹ දිස්ත්‍රික්කයේත්, එම උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වෙන 2017 මැයි මස 14 වන දින මහනුවර දිස්ත්‍රික්කයේත් සියලුම සුරාසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම පලාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද අංක HAF - 1 -02- වෙසක් - 2017 හා 2017.05.04 දිනැති චක්‍රලේඛය මේ සමඟ අමුණා ඇත.

     

    wesak 9

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya