සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳ සාකච්ඡාවක්

    මැයි 09, 2017

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙරට සංචාරය පිළිබද සාකච්ජාවක් ඊයේ (08) දහවල් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    එම අවස්ථාවට හුණුපිටිය ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමි, අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් සහ පි දිගම්බරම් සහ මෙරට ඉන්දීය මහා කොමසාරිස්  Taranjit Singh Sandhu මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුලු ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya