සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    මැයි 10, 2017

    අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

    වෙසක් පොහොය දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමද සුවිශේෂී අවස්ථාවකි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම දෙස් විදෙස් අතිපූජ්‍ය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ගේ සහ පෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් කොළඹ සහ මහනුවර කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිතය.


    ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. සිද්ධර්ථ කුමරුගේ උපත,බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.


    බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.


    විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකය.


    වෙසක් පොහොය දිනය වෙනුවෙන් ලක්වාසී බෞද්ධ ජනතාව දන්සැල්, වෙසක් කලාප, ආදී අමිෂ පූජාවන් රැසක් පවත්වනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya