සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහ ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළයි - එන්නතක් ලබාදීම ගැන තීරණයක් නෑ

    මැයි 09, 2017

    කීට විද්‍යා සමීක්ෂණ වාර්ත අනුව ඩෙංගු මදුරුවන් බෝවීම තවදුරටත් ගෘහ ආශ්‍රිතව වැඩි වශයෙන් සිදුවන බව හඳුනාගෙන තිබෙන බවත් ඉදිරියේ දී එළඹෙන් මෝසම් වර්ෂාවට පෙර  ජාතික මට්ටමින් දැවැන්ත මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    අද (09) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන  කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරය මෙ බව ප්‍රකාශ කළේ ය.

    ඩෙංගු වැඩිවීමේ ප්‍රවණතාවක් පවතිනවා.එයට හේතුව කුමක්දැයි අධ්‍යයනය කළ යුතුයි. ලබන 16 දින අතිගරු ජනාධිපතිතුමා ජාතික ඩෙංගු කායසාධක බලකාය කඳවීමට නියමිතයි.ඩෙංගු මර්දනය සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් එහිදී ක්‍රියාත්මක වේවි.මේ සඳහා රටේ සියලු පුරවැසියන්ගේ මට්ටමින් සහය අවශ්‍යයි.

    ඩෙංගු මර්දනයට එන්නතක් පිළිබඳව සාකච්ඡා වුණා. එවැනි එන්නතක් ලබාදීමට පෙර සැළකිය යුතු කාරණා රාශියක් පවතිනව. එවැනි එන්නතක් ලබාදීම පිළිබඳව තීරණයකට එළඹී නෑ. හොඳම ක්‍රමය ලෙස තවදුරටත් පවතින්නේ,මදුරු මර්දන ක්‍රියාවලියයි යැයි ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    මෙහිදී අඳහස් දැක්වූ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය සඳහන් කළේ, 2017 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට ඩෙංගු රෝගීන් 42,141ක් වාර්තා වී තිබෙන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya