සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාට්ටු ලිපිකරු, උපස්ථායක, කීට විද්‍යා සහකාර නිලධාරීන් 118ක් පත්වෙයි

    මැයි 09, 2017
    වාට්ටු ලිපිකරු, උපස්ථායක, කීටවිද්‍යා සහකාර නිලධාරීන් 118 දෙනෙකුට සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.
    පැවැති උත්සවයේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තම සේවාදායකයා වන අසරණ රෝගීන්ට කරුණිකව සේවය කිරීම සුව සේවකයින්ගේ වගකීමක් බවයි.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya