සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැලසීමියා රෝගීන් වෙනුවෙන් නව රෝහලක්

    මැයි 10, 2017
     
     දිවයින පුරා ලියාපදිංචි වී සිටින 3500 ක් පමණ වන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමෙි රෝහලක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ දී  සිදූකෙරිනි. 
    ලෝකයේ තැලසීමිීයා රෝගීන්ට නොමිලයේ සැත්කම් කරන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. තැලසීමියා රෝගීන්ගේ කවය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම රෝහල වසරක් තුල ඉදිකෙරන අතර, එය මහල් 06 කින් යුක්ත වෙයි. ඒ සදහා වැය කරන මුදල රුපියල් බිලියනයකි. ජාත්‍යන්තර තැලසීමියා දිනය යෙදී ඇති  (08) දින ආරම්භ කළ මෙම රෝහල 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතය. 
    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "රජයේ සිටින ඇතැම් පුද්ගලයින්ට යහපාලනය තේරෙන්නේ නැහැ. තට්ටු මාරු ක්‍රමය තමයි අපි වෙනස් කළේ. එම ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කර තිබුනා. රජය මානව සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. එය රජයේ පළමු පොරොන්දූවයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඒවා බොරු සටන් පාඨ විතරයි. නමුත් නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය ආරක්ෂා කිරිමට අපි කැප වී සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සහ වංචා නතර කිරිමට මම පියවර ගෙන තිබෙනවා. සමාගම් සමග සිදූ කළ වෙළෙදාම නතර කර තිබෙනවා. එම නිසා ඖෂධ සමාගම් මා සමග තරහයි. අපි නිදහස් සෞඛ්‍ය සේවාව නංවාලීමට කටයුතු කළ යුතුයි. පිළිකා රෝග සදහා නව ඖෂධ හදූන්වා දූන්නා. ඊට ඇතැම් වෛද්‍යවරුන් විරෝධය පළ කළා. තවත් වෛද්‍යවරුන් කොටසක් නව ඖෂධ භාවිත කරමින් සහයෝගය ලබාදූන්නා. සෞඛ්‍ය සේවාව ගෙනයන්න සිදූව ඇත්තේ එම අරගල මතයි."
    "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කිරීමට අවශ්‍ය වී තිබෙනවා. හැබැයි බහුතරයේ මතය එය නොවෙයි. කිහිප දෙනෙකුට පමණයි අවශ්‍ය වී තිබෙන්නේ. ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. යහපාලන රජය ජනවාරි 08 වන දින බිහිකළේ ජනතාවට පොරොන්දූ මාලාවක් ලබාදෙමින්. මම ඉන්නේ එම පොරොන්දූ මාලාව ඉටු කරන වැඩ පිළිවෙලේ මිසක් පැරදූණු රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙලේ නොවෙයි. අපේ ආණ්ඩුවෙත් ඉන්නවා යහපාලන රජයේ වගකීම තේරෙන්නේ නැති අය. රාජපක්ෂලාගේ ඊනියා දේශප්‍රේමීත්වය ජාතිවාදී මතය මම ක්‍රීයාත්මක කරන්නේ නැහැ. සැබෑ සංවර්ධනයක් මෙන්ම මානව සංවර්ධනයක් ද රට තුල බිහි කළ යුතුයි."
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන මහතා, මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා, තැලසීමිීයා කවයේ සභාපති නාමල් පේ්‍රමරත්න යන මහත්ම මහත්මිීන් සහ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya