අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු රාජ්‍ය සම්පතක් විකිණිමේ අවශ්‍යතාවයක් නැහැ - අධ්‍යාපන ඇමැති

    මැයි 08, 2017

    රට සංවර්ධනය කිරීම සඳහා සියලු රටවල් සමඟ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමට යහපාලන රජයට හැකි වී තිබෙන බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

    කුලියාපිටිය නගරශාලාවේ දී පසුගිය දා පැවති දසවන ජාත්‍යන්තර ෂොටෝඛාන් කරාටේ ශූරතා විවෘත තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ සහ රට සංවර්ධනය කරා රැගෙනයාමේ මාර්ගයට අවතීර්ණ කිරීමට වර්තමාන රජයට හැකි වී ඇති බවයි.

    පසුගිය කාලයේ ඇති වූ ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දී රටට අහිමිව තිබූ ජී.එස්.පී.ප්ලස් බදු සහනය ලබාගැනීමට ද වර්තමාන රජයට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya