අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසරණ රෝගීන් වෙනුවෙන් තවත් පිළිකා ඖෂධයක් - සෞඛ්‍ය ඇමැති

    මැයි 08, 2017

    අනුරාධපුර හෙද විද්‍යාලයේ 2014 බී කණ්ඩායමෙි හෙදහෙදියන් සේවයට කැපවීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හෙද විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (07) පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    "රජය අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට ඇතැම් පුද්ගලයින් චෝදනා කරනවා. නමුත් වත්මන් රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන්කර තිඛෙනවා. සංවර්ධනය සෑම පුද්ගලයෙකුගේම ඇඟට දැනෙන්න ඕනි. නැතිනම් කෘත්‍රීමයි. එම නිසයි වත්මන් රජය මානව සංවර්ධනය ආරම්භ කර ඇත්තේ.ඉදිරියේ දී ඖෂධ වෙළෙද නාමයෙන් ලීවීම තහනම් කර ඖෂධ නාමයෙන් පමණක් ලිවීම් ආරම්භ කරනවා.

    ඒ සදහා ඖෂධ පරීක්ෂා කිරීමට චීන රජයේ ආධාර මත තත්ත්ව පරීක්ෂණාගාරයක් ඉදිකරනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අවසන් කැමැත්තත් එයයි. ඖෂධ මිල අඩු කිරීමෙිදීත් ඖෂධ සමාගම්වල බලපෑම් එල්ල වුනා. මට විශාල අරගලයක් සිදු කරන්න සිදු වුනා. එවැනි අවස්ථා වල දී ඇතැම් වෛද්‍යවරුන්ටත් වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වීමට සිදු වෙනවා.”

    "පිළිකා රෝග සදහා භාවිතා කරන ඖෂධ මිල අධිකයි. බහුජාතික සමාගමක් විසින් එක් ඖෂධයක් මෙරට රෝහල්වලට සපයනු ලැබුවා. මම දෙවන ඖෂධය ලෙස රුසියාවෙන් ආනයනය කරන ලද පිළිකා ඖෂධයක් ඛෙදාහරිනු ලැබුවා. ඉදිරියේ දී තුන්වන පිළිකා ඖෂධය ගෙනඒමට මම කටයුතු කරනවා.

    එම ඖෂධය මිට පෙර භාවිතා කළ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබා දී තිඛෙනවා. සමාගම් විසින් සිදු කරන ඖෂධ කොල්ලයට මම මුහුණ දෙනවා. නිදහස් සෞඛ්‍ය ලෙස පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ද පසුගිය කාලයේ සමාගම් පොහොසත් කිරිම පමණයි සිදු කර ඇත්තේ.”

    "හෙද හෙදියන් පුහුණු කිරීම සදහා හෙද විද්‍යාල 04 ක් සංවර්ධනය කරනවා. කළුතර, මාතර, අනුරාධපුරය සහ ගාල්ල ඊට ඇතුළත්. පශ්චාත් හෙද විශේෂ පුහුණුව සදහා එම විද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. හෙද පීඨයත් ජයවර්ධනපුර රෝහල ආශ්‍රීතව ආරම්භ කිරීමට සැළසුම් සකස් කර තිඛෙනවා. මෙි වනවිට හෙද උපාධිධාරීන් බඳවා ගැනීමත් ආරම්භ කර අවසන්.”


    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දක්ෂතම හෙද හෙදියන්ට වර්ණ ප්‍රදානය කළ අතර, හෙද විද්‍යාලයේ විදුහල්පතිනී කුසුම් ජයතිලක මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලකයක් ද පිරිනමන ලදි.

     

    මෙම අවස්ථාව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස්, එම්.බි.එල් රහුමාන්, අධ්‍යක්ෂ (හෙද සේවා) ඩබිලිවි.එම් ආරියශීලි, අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, අනුරාධපුර හෙද විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya