මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා. පෙළ අයදුම්පත් භාරගැනීම 31 දා දක්වා

    මැයි 08, 2017

    මෙවර අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියළුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබෙන අතර ලබන 31 දිනෙන් අයදුම්පත් භාරගැනීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

    මෙම විභාගය නව නිර්දේශය සහ පැරණි නිර්දේශය වශයෙන් 2017 දෙසැම්බර් 12 දින සිට දෙසැම්බර් මස 21 දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව පාසල් අයදුම්කරුවන් සඳහා අදාල අයදුම්පත් මේ වන විට විදුහල්පතිවරුන් වෙත තැපැල්කොට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාල ආදර්ශ අයදුම්පත සහ විභාග මධ්‍යස්ථාන පිහිටවනු ලබන නගර ලේඛනය 2017 මැයි මස 4 වන දින පුවත්පත්වල පළ කර ඇත.  

     

    නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් පාසල් අපේක්ෂකයින් තම පාසලේ විදුහල්පතිතුමා මඟින් 2017 මැයි මස 31 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස එවිය යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයට ‍ගෙවා ලබාගත් කුවින්තාන්සිය අදාල ස්ථානයේ අලවා, අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර 2017 මැයි මස 31 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. නියමිත දිනට පසුව එවනු ලබන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya