අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර රාජ්‍ය ඇමැතිගෙන් සමුළුවට යෝජනාවක්

    මැයි 08, 2017

    “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම  අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    මෙම සමුළු අද සිට ලබන 10 වැනි දා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

     

    කර්මාන්ත මඟින් පිට කරණ භුමියෙහි පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනක් බැවින් එය විමෝචනය සඳහා වන යෝජනාවක් මෙම සමුළුවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇත . එමගින් පෙන්වා දී ඇත්තේ භුමියෙහි පවතින කාබන්ඩයොක්සයිඩ් වායුවෙහි සියයට 25 පමණ සාගරය විසින් විමෝචනය කරණ බවය . එමගින් ගෝලීය උෂ්ණත්වය පාලනයවේ . මුහුදු ජල මට්ටම ඉහළ යාම පාලනය වීමද මෙමගින් සිදුවේ . එසේ නොවුනහොත් මිනිසාට අනාගතයේ ජීවත් වීමට සිදුවනුයේ ඔක්සිජන් අඩංගු බෑග් එල්ලා ගෙනය. එබැවින් භුමියෙහි ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව මුහුදු පතුලේ තැන්පත් කිරීමට අදාළව ප්‍රකාශයක් මෙම ඉන්දීය සාගර කලාපිය සමුළුවේ ප්‍රකාශනයට ඇතුළත් කරණ ලෙස අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇත.

     

    මෙම යෝජනාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ආරම්භ වන “නිල් ආර්ථික”යට අදාළ ඉන්දීය සාගර කලාපිය සමුළුවේදී සාකච්ජා කිරීමට නියමිතය.

     

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරයේදී සමුළුවට සහභාගී වන ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අමාත්‍යවරුන් ඇතුළු එම රටවල රාජ්‍ය නිලධාරීන් සමඟ“නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා , ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ලබාගත හැකි දැනුම,තාක්‍ෂණය මෙන්ම සෙසු සහයන් පිළිබඳව සාකච්ජා කිරීමටද නියමිතය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya