අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසත්‍ය ප්‍රචාර පතුරන සමාජ ජාල වෙබ් අඩවි පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

    මැයි 08, 2017

    රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩිස් ආසාදනය පතුරුවන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් සාවද්‍ය තොරතුරු පැතිරවීම පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්න් ඉල්ලා තිබේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බරවා රෝග මර්දන වැඩසටහන විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට ඉදිරිපත් කර ඇත.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන පරිදි මේවනවිට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරණය කර ඇත.

     

    නමුත් නිරෝගී පුද්ගලයෙකු දිර්ඝ කාලීන ආබාධිතභාවයට හා විරූපීභාවයට පත්කරවන බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණ රධිර පටල ලබාගනු ඇත. එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදෙනු ඇත.

     

    මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවිනි. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි.මෙි පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකිය.

     

    සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථානයට මේ සාවද්‍ය තොරතුරු පිළිබදව පැමිණිලි කර ඇති අතර, මෙය සිතා මතා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අපි සිතමු.

    ඒ අනුව මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටී නිළ ඇදුමෙන් සැරසී පැමිණෙන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් නොමිලේ සැපයෙන සේවාව උපරිමයෙන් ලබාගැනීම සදහා ඔබගේ සහයෝගය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya