මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෞද්ධ රටක් ලෙස ලැබූ ජයග්‍රහනයක්

    මැයි 08, 2017

    ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වීම බෞද්ධ රටක් ලෙස ජාත්‍යන්තර ලැබූ ජයක් බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    ගාල්ල වංචාවල කදුරුදූව ශ‍්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන එකසිය අට රියන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.


    ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ දී පවත්වනවා. ජාත්‍යන්තර වශයෙන් ලංකාවට අවධානය යොමුකරගනිමින් ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වීම බෞද්ධ රටක් ලෙස ලංකාව ජාත්‍යන්තරයේදී ලබාගත් ජයග‍්‍රහණයක්.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙසක් උත්සවයට ලංකාවට එනවා. ඔහු විතරක් නොවෙයි තවත් බෞද්ධ රටවල රාජ්‍ය නායකයින් ලංකාවට එනවා. මේ වෙලාවේ ඉන්දියාවේ අගමැතිවරයාගේ පැමිණීම ගැන සමහරු හුඹස් බියක් පළකරනවා.

    විවිධ රටවල ජනාධිපතිවරු, අගමැතිවරු ලංකාවට එනවා. ඔවුන් ලංකාවට එන්නේ රටේ කෑල්ලක් කඩාගෙන යන ගිවිසුම් අත්සන් කරන්න නෙමෙයි. මේ වෙලාවේ පටු දේශපාලන කෝණවලින් බලන්නේ නැතිව රටක් ලෙස, බෞද්ධයින් වෙසක් උත්සවය සැමරිය යුතුයි.

    ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවට ගැනීමට රජයක් ලෙස අපි ලබාගත්ත ජයග‍්‍රහණයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි සියලූම සංවිධාන කටයුතු ලංකාවට ලබාදීම ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ රටක් ලෙස අපි සිටින තැන ගැන සතුටු වීමට හැකියි. එය රටක් ලෙස ලැබූ ජයග‍්‍රහණයක්.

    වෙසක් එකට සමහර අය වෙනත් වෙනත් කොඩි දාන්න හදනවා. වෙසක් දවසකට අපි දාන්නේ බෞද්ධ කොඩි. බෞද්ධයින් ලෙස කවුරුවත් වෙසක් දවසට වෙන වෙන කොඩි දාන්නේ නෑ. වෙසක් දවසට කළු කොඩි දැමීම බෞද්ධයින්ගේ සිරිත නෙමෙයි. අපි හැමෝම වෙසක් එකට දාන්න  ඕන බෞද්ධ කොඩි.

    රටකට, ආගමකට වෙනස් වෙනස් පාට තියෙන්න බැහැ. අපි රට, ආගම, ජාතිය දේශපාලනයට යොදාගන්න  ඕන නැහැ. එ් නිසා බෞද්ධයින් ලෙස අපි ආගමට ජාතියට නිගරු නොකර කටයුතු කිරීමට වගබලාගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya