අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැති සහ JBICහි ප්‍රධාන විධායක නිලධාරී අතර හමුවක්

    මැයි 07, 2017

    අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා  (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.

    ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුව සිදු විය.
     
    මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් එරට රජය ලබා දෙන සහයෝගය පිළිබඳ මුදල් අමාත්‍යවරයා ස්තූතිය පළ කළේ ය.  ශ්‍රී ලංකාව අවතීර්ණ වී සිටින තිරසර සංවර්ධන ගමන අගය කළ ටඩාෂි මහතා කියා සිටියේ හැකි සෑම අවස්ථාවක දී සහය ලබා දීමට සූදානම් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya