අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජන පැමිණියද යහපාලන රජයේ ගමන නතර කරන්නේ නැහැ

    මැයි 06, 2017

    ගලන ගඟ ආපස්සට හැරවිය නොහැකි අයුරින් කුමන බාධක පැමිණියත් යහපාලන රජය ඉදිරියටම ගමන් කරන බවත්, රජය පෙරළීමේ වැඩ වර්ජනවලට බිය නොවන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයට ඊයේ (05) පෙරවරුවේ සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එම උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ පසු ගැටළු රැසක් විසදීමට පියවර ගත්තා. වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාදුන්නා. යහපාලන රජය රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන විට මම සෞඛ්‍ය සේවකයින්ට තවත් දීමනා ලබාදුන්නා. වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබාදුන්නා. රජය විසින් සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ වැටුපට 2016 ජනවාරි 01 දා සිට අතිකාල දිමනා ගෙවීමට ද තීරණය කර තිඛෙනවා. වසර 11 කට පසුවයි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ. එතෙක් පැවැති රජයන් ලබාදුන්නේ දීමනා විතරයි. යහපාලන රජය සෑම ක්ෂේත්‍රයකටම බලපාන පරිදි සහන ලබාදුන්නා. එවැනි සහන ලබාදුන්නත් අපේ රජයට විවිධ බලපෑම් තිඛෙනවා.”

    "ඒකාබද්ධ විපක්ෂය ගෝල්ෆේස් පිටියේ මැයි රැළිය පැවැත්වීමට කටයුතු කළේ ඒ කාලේ හම්බ කරපු මුදල් වලින්. එම ගිණුම් තිඛෙන්නේ ඩුබායි වලයි. හොංකොං වලයි. එම ගිණුම් සහ මුදල් සොයාගෙන ඉවරයි. ඒවා ඔප්පු කළ යුතුයි. ඉදිරියේදී එම කටයුතුත් සිදු කරනවා. ඊට පෙර රජය පෙරළා දැමීමටයි ඔවුන්ට අවශ්‍ය වී තිඛෙන්නේ. දුෂණ සහ වංචා පරීක්ෂණ කඩිනම් කිරීම තුළින් පොහොට්ටුව පිපෙන්නේ නැහැ. එම නිසා පරීක්ෂණ කඩාකප්පල් කරන්න හදනවා. රජයට විරුද්ධව වර්ජන දියත් කරනවා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කරන්න කියනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සදහා විවිධ ව්‍යාපෘති රැසක් මම දියත් කළා. ඒ අහිංසක ජනතාවට නිසි සෞඛ්‍ය සේවාව ලබාදීමේ අරමුණින්. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමේ අරමුණින්. සෞඛ්‍ය සේවාවට ඉටු කළ සේවය රුපියල් සත වලින් ගණන් හදන්න එපා.

     

    ගෝල්ෆේස් රැළියේ දී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා රාජ්‍ය දේපළ විකුණන්න එපා කියලා. ගෝල්ෆේස් පිටියේ දකුණෙන් තිඛෙන්නේ හිටපු ජනාධිපතිවරයා විකුණා දැමූ වරාය නගර ඉඩමයි. වම් පැත්තෙන් තිඛෙන්නේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට ලබාදුන් ඉඩමයි. ඒවා අමතක වෙලා. අපි එම ඉඩම් සින්නක්කර ලබා නොදී අනුනව අවුරුදු බද්දට පමණයි ලබාදෙන්නේ. වැට කඩොලු බිදගෙන අදියරෙන් අදියර ගමන් කරනවා. වර්ජන කරන පුද්ගලයින් රජය පෙරලා දැමීමට උත්සාහ කරනවා. ඔවුන් කාලයක් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ වලින් ජයග්‍රහණය කරවීමට සහයෝගය දැක්වූවා. එහෙත් එය සාර්ථක වුයේ නැහැ. මෙම බලපෑම් පරාජයට පත් කරනවා. හිටපු අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළා ගලන ගඟ ආපස්සට හරවන්න බැහැ කියලා. ඒ ආකාරයට වත්මන් රජයත් ගමන නතර කරන්නේ නැහැ. සියළු දෙනාම එකම ධජයක් යටතට ගෙන ඒමට කටයුතු කරනවා.

    මෙහිදී සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා කළ කාර්යභාරය අගය කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සම්මානයක් ද පිරිනමන ලදි.

    මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණූ) සුනිල් ද අල්විස්, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් ඇතුලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya