මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වර්ජනය ගැන නිවේදනයක්

    මැයි 05, 2017

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දින (05) දියත් කරන ලද වැඩවර්ජනයෙන් දිවයින පුරා සියලුම රෝහල්වල බාහිර රෝගී අංශයට සුළු බලපෑම් එල්ල වුවද, අනෙකුත් රෝගී සත්කාරක සේවාවන් නිසි පරිදි සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ද මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ අනෙකුත් රෝහල්වල රාජකාරී කටයුතුවල නිරත වෙමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කරන අතර වෙනත් කිසිදු සෞඛ්‍ය සේවකයෙකු මෙම වර්ජනයට දායක වී නොමැත.

    හෙද හෙදියන් වර්ජනයට සහභාගි වන බව ඇතැම් හෙද සංගම් සහ නාමයට පමණක් සීමා වූ වෘත්තීය සංගම් ප්‍රකාශ කළ ද, කිසිදු හෙද හෙදියක් මෙම වර්ජනයට සහභාගී වී නොමැති බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ පරිදි ගුරුවරුන්, දුම්රිය සේවකයින්, ලංගම සහ පෞද්ගලික ප්‍රවාහන සේවා වර්ජනයට එක් වී නොමැත. එම සේවාවන් නිසි පරිදි සිදු වූ අතර, මෙම වර්ජනය මෙහෙය වූ වෘත්තීය සමිති නායකයින්ට එය කණේ පහරක් විය.

    වර්ජනය මෙහෙය වූ නායකයින් සයිටම් අර්බුදය මඟ අරිමින් ඉන්දු ශ්‍රි ලංකා යෝජිත වෙළෙද ගිවිසුම, පෞද්ගලීකරණය වැනි ගැටළු නිර්මාණය කරමින් සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ගැටළුව පිළිබදව ද තම මතය පිළිබදව වරින් වර අදහස් ප්‍රකාශ කරයි. මුල් අවධියේ දී ප්‍රමිතිය පිළිබදව විරෝධතා දැක් වූ ඔවුන් ප්‍රමිතිය සකස් කළ පසු සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බලපෑම් කරයි. මෙය ජනතාව මුලාවෙි දැමිීමකි. නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම සදහා මෙම අසාර්ථක වැඩවර්ජනයට විරෝධය කළ කරමින් ජනතාවගේ රෝගී සත්කාරක සේවා සහ අනෙකුත් සේවා පහසුකම් සැපයීමට දායක වූ රාජ්‍ය සේවකයින් සහ අනෙකුත් සේවකයින්ගේ සේවය අගය කළ යුතු බව ද කිව යුතු වෙයි. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya