අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මයට චීනයෙන් සහය

    මැයි 07, 2017

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීමට අවශ්‍යය කෘෂි විශේෂඥවරුන්ගේ සහය ලබාදීමට චින රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය චෙං ෂැහුවා මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

    චීනයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය චෙං ෂැහුවා මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අතර පසුගියදා අමාත්‍යංශ පරිශ්‍රයේදී  පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    එහිදී චිනයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකාවට අවශ්‍යය නව තාක්ෂණික දැනුම ලබා දිමටත්, චීන රජයේ කෘෂිකර්මයට අදාළ විශේෂඥවරුන්ගේ සහය ලබාදිමටත් තම රජය කටයුතු කරන බවයි. එමෙන්ම කෘෂිකර්මයට අදාළ කෘෂි උපකරණ නිෂ්පදානයට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම කෘෂි උපකරණ පිළිබඳව මෙරට ගොවින් සහ නිෂ්පාදකයින් පුහුණු කිරීමටත් දෙරට අතර කෘෂිකාර්මික දැනුම හුවමාරු කර ගැනිම සඳහා පුහුණු වැඩසටහන් දියත් කිරීමටත් ඉදිරියේදි කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    එසේම වැඩි ඵලදාවයකින් යුත් එළවළු සහ පළතුරු බීජ හඳුන්වාදීමටත් ඒවා වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහයන් ලබාදීම සඳහාත් චිනයේ කෘෂි විද්‍යා විශේෂඥයින්ගේ පූර්ණ සහය මෙරටට ලබාදීමටත් කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya