අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ‍්‍රායල් රැකියාලාභීන්ට ගුවන් ටිකට්පත්

    මැයි 05, 2017

    ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියාලාභීන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් පසුගියදා කෙරිණි.

    ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී මෙම ටිකට්පත් ප‍්‍රදානය කළ අතර, මෙහිදී රැකියාලාභීන් 20 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදු විය.

    මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ශ‍්‍රී ලංකිකයින් 182 දෙනකු ඊශ‍්‍රායෙල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2016 වර්ෂයේදී ලාංකිකයින් 369 දෙනෙකු ඊශ‍්‍රායෙල් කෘෂිකාර්මික රැකියා සඳහා පිටව ගොස් ඇති අතර 2015 වර්ෂයේ එම ප‍්‍රමාණය 85 කි. ඊශ‍්‍රායෙල් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ විදේශ රැකියා ඒජන්සි ආයතනය විසිනි.

    විදේශ රැකියා අමාත්‍යවරිය පසුගිය වසරේදී ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ සිදුකළ සංචාරය අතුරතුරදී එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කළාය. එහිදී වැඩි වශයෙන් ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් බඳවා ගැනීමට එකඟතාවය පළකොට තිබේ. එසේම ශ‍්‍රී ලාංකික සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහාද අවබෝධතා ගිවිසුමක් අත්සන් කල අතර එහි පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya