සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ඇරැඹේ

    මැයි 05, 2017

    ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හි දී ඊයේ (04) ආරම්භ විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති.


    සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

    මෙවර සමුළුවේ දී වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ තිරසාර සංවර්ධනයක් සඳහා වන කලාපීය වර්ධනය පිළිබඳවයි. මේ යටතේ වෙළෙඳ, ආයෝජන සහ මූල්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටෙකෙහිකෝ නකාඕ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සමුළුව ලබන 7 වැනිදා දක්වා පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya