සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27වන සංවත්සරය සැමරේ

    මැයි 05, 2017

    "ශ්‍රී ලංකාවේ පුස්තකාල සංවර්ධනය සඳහා තිරසාර ජාල පද්ධතියක් ගොඩනැගීම" (Building Sustainable Network for the Development of Libraries in Sri Lanka) තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27වන සංවත්සර උත්සවය ඊයේ (04) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී  දිවයිනේ තෝරාගත් දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාල (පාසල්/මහජන) සඳහා රු.15,000/-ක වටිනාකමින් යුත් පොත් කට්ටල 100ක් පරිත්‍යාග කිරීම සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ මුද්‍රණ අනුග්‍රහය ලද ලේඛක/ලේඛිකාවන් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි

    මීට අමතරව 2016 ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය, දෘශ්‍යාබාධිත පාඨක ප්‍රජාව වෙත පොත පත කියවීමට උපකාර කරගත හැකි ඩේසි කථන පිටපත් යන්ත්‍ර පරිත්‍යාග කිරීම, ජාතික පුස්තකාලය පිළිබඳ අත්පොත එළිදැක්වීම, ග්‍රාමීය පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ හක්මන ඇල්ලෙවෙල කනිටු විදුහල් පුස්තකාලය සඳහා සංවර්ධන ආධාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණි.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ . අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya