අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට වසර 20යි

    මැයි 04, 2017

    රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවයක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ, කොල්ලුපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    නෙදර්ලන්තයේ හේග් නුවරදී පසුගිය 29දා මේ සංවිධානය ආරම්භ කර තිබිණි.

     

    මේ සැමරුම් උත්සවයේ දී රසායනික අවි සම්මුතිය පිළිබඳව හා උපද්‍රවකාරී  රසායන ද්‍රව්‍ය පිළිබඳ දේශන පැවැති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, පරන්තන් රසායන සමාගම, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව කොළඹ අවට පාසල්වල සහභාගීත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්විණි.

     

    රසායනික හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී භාවිතා කරන පුද්ගල ආරක්ෂක උපකරණ ඇතුළත් කට්ටලයක් බැගින් ත්‍රිවිධ හමුදාවට, පොලිස් විශේෂ කාර්යය බලකායට සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට පිරිනැමිණ.

     

    රසායන අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියෙන් මේ සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්යය රනිල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya