අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික රසකාරක භාවියට යොමු වෙමු - ආචාර්ය අශෝක සෙනෙවිරත්න

    මැයි 04, 2017

    ආහාර සැකසීමේදී කෘතිම රසකාරක භාවිතය අවමකොට දේශීය කුළුබඩු ඇසුරෙන් සකස්කරගත් ස්වභාවික රසකාරක භාවිතයට ගැනීමට පෙළඹිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය අශෝක සෙනෙවිරත්න මහතා පවසයි.


    අතීතයේ විසූ මුතුන් මිත්තන් ආහාර කල්තබා ගැනීමටත්, එම ආහාර රසවත් කර ගැනීමටත්, ඖෂධයක් ලෙසටත් එමෙන්ම සුවඳකාරකයක් ලෙසටත් මෙම දේශීය කුළුබඩු ඇසුරෙන් සකස්කරගත් ස්වභාවික රසකාරක භාවිතයට ගෙන තිබේ.

    නමුත් ඒ වෙනුවට කෘතිම රසකාරක වැඩි වශයෙන් භාවිතා කිරීමට වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව පෙලඹී සිටින බවත්, එය ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බවට හානිදායක වන බවත් ඒ නිසා පාරම්පරික දේශීය කුළුබඩු සංස්කෘතිය යළි මුල් තැනක් ලබාදිය යුතු බවත්  ඒ මහතා පෙන්වා දෙයි.

    කෘතීම රසකාරක භාවිතා කිරීම තුළින් විවිධාකාර වූ රෝගාබාධ වැළඳීමේ ප්‍රවනතාවයක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මඟින්  සොයාගෙන තිබේ. එසේම පාරම්පරික දේශීය සරල ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මේ සඳහා බොහෝ දුරට බලපා ඇති බවද නැවතත් අපගේ  සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya