අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
සංවත්සර උත්සවය හා සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර දිවයිනේ තෝරාගත් දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාල (පාසල්/මහජන) සඳහා රු.15,000/-ක වටිනාකමින් යුත් පොත් කට්ටල 100ක් පරිත්‍යාග කිරීම ද සිදු වේ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ මුද්‍රණ අනුග්‍රහය ලද ලේඛක/ලේඛිකාවන් වෙනුවෙන් චෙක්පත් ප්රදානය කිරීම ද සිදු වන අතර විද්වත් දේශනවලින් කිහිපයක් ද පැවැත්වේ.