ඇතැම් කාලවලදී මාළු මිල අසීමිත ලෙස ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාව විශාල අපහසුතාවට පත්වන බැවින් හා අසීමිත ලෙස මාළු මිල පහල යන අවස්ථාවලදී ධීවර ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන ඊයේ (02) ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
ධීවර ක්ෂේත්‍රයට අදාළව රාජ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති කටයුතු විධිමත්ව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම , පවතින ගැටලු හඳුනාගැනීම , ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම , අදහස් හා යෝජනා ලබාගැනීම , ධීවර කර්මාන්තය මෙන්ම ධීවර ප්‍රජාව වෙනුවෙන් කළයුතු හා කළ හැකි සේවාවන් පිළිබඳ සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණ විය.
නෙලාගන්නා මත්ස්‍ය සම්පත ගුණාත්මක හා නැවුම් බවකින් යුක්තව ජනතාවට ලබාදීමට ගත යුතු පියවර පිළිබඳව මෙන්ම මත්ස්‍ය සම්පත කල් තබා ගැනීම , ආහාරයට නුසුදුසු මාළු අලෙවි කිරීම නැවත්වීම මෙන්ම එවැනි පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ජාවේදී අවධානය යොමු වුහ .
විශාල වශයෙන් ආනයනය කරණ මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන සිමා කර එම නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමේ හැකියාව මෙන්ම ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳව මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසු රාජ්‍ය අමාත්‍යවරයා දේශීය නිෂ්පාදනය වැඩිකිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය . ඊට අමතරව විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා ගෙන්වීමට දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහාද වැඩපිළිවෙළක් සකසන ලෙස උපදෙස් දෙනු ලැබිය.
එමෙන්ම රට අභ්‍යන්තරයේ ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය ඉහල නැංවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ රට අභ්‍යන්තරයේ ජීවත් වන ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 1-2 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බවට ඉදිරිපත් වූ කරුණු හේතුවෙනි . එහෙත් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 15 ත් 18 අතර අගයක පවති.
ආපදාවන්ට ලක්වන ධීවර කාර්මිකයන්ට හිමි වන්දි ලබා දීම නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ධිවරයාගෙන් විවිධ බදු හා රක්‍ෂණ වාරික නිසිලෙස අයකර ගන්නේ නම් හදිසි අනතුරකදී හිමිවිය යුතු වන්දි නොලැබීම පිළිබඳව කඩිනමින් වාර්තාවක් සපයන ලෙස උපදෙස් දුන් ඒ මහතා මෙම තත්ත්ය පිළිබඳව මුදල් අමාත්‍යංශය ඇතුළු වගකිවයුතු ආයතන සමඟ සාකච්ජා කර කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව අවධාරණය කළේය .
මෙම සාකච්ජාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්. දිනේෂ් කුමාර මහතා ද එක්ව සිටියහ .