අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධවේදී විද්‍යා පීඨය සැළසුම් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙයි

    මැයි 03, 2017

    ඖෂධවෙිදී සභාව සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරිමට යෝජිත ඖෂධවේදය සහ ඖෂධවේදී විද්‍යා පීඨය සැළසුම් වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට බාරදීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

    ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීමේ වාර්තාව බාරදෙන ලද්දේ, ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතා විසිනි.

    ඖෂධවේදය සහ ඖෂධවේදී විද්‍යා පීඨය සකස් කිරීමෙි සැළසුම් සහිත වාර්තාව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙතුෂි සමරනායක මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීමේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට යොමු කරන බවයි.

    නීති අංශය එය අධ්‍යයනය කිරීමෙන් පසු ඖෂධවේදී සභාව කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. ඖෂධවේදී වෘත්තිය නියාමනය කිරීමේ අරමුණින් මෙම සභාව ස්ථාපිත කෙරේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සභාපති චින්තා අබේවර්ධන මෙනවිය, සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන ශාලුක ආතාවුද මහතා, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී.තිලකරත්න මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya